Grade 4 – Environmental Studies Modules
Modules, worksheets and question papers for each lesson. Buy a single lesson or the full bundle.

Lesson 1
අපේ යහ පැවැත්ම
Lesson 1මිනිස් ජීවිතයක් අර්ථ සම්පන්න භාවයට පත්කර ගැනීමේ දී, යහපත් ගුණධර්මයන්ගෙන් පෝෂණය වෙමින් නිවැරදි මගෙහි ගමන් කොට සාර්ථකත්වය භුක්ති විඳීමට කටයුතු කිරීම අත්යවශ්ය කරුණකි. තමාගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් මනාව හඳුනාගෙන ඒවා නිසි ලෙස ඉටු කිරීමත්, අවදි වූ මනසකින් යුක්තව අභියෝගවලට සාර්ථකව මුහුණ දීමත්, යහපත් ආත්මඅභිමානයෙන් යුතුව ජීවත් වීමත් තුළින් ජීවිතයේ අර්ථවත් බව තවදුරටත් තීව්ර වේ. එමගින් මානසික සුවපහසුව මෙන්ම ශාරීරික සමබරතාව ද සුරක්ෂිත කර ගන්නා, යහපත් සිරිත් විරිත් අනුගමනය කරන සහ සමාජයේ ගුණගරුක දේ ආරක්ෂා කිරීමට කැපවන සැබෑ ගුණසම්පන්න උතුම් මානවයෙකි රටට දායාද වන්නේ.

Lesson 2
අපි ලක් වැසියෝ
Lesson 2විවිධ ප්රජාවන් සමඟ අත්වැල් බැඳගෙන සහයෝගයෙන් ජීවත් වන ශ්රී ලාංකික පුරවැසියන් වන අපට ඉටු කිරීමට ඇති යුතුකම් මෙන්ම වගකීම් රාශියකි. උස් පහත් බේදයකින් තොරව විවිධ ජන කොටස්වල සංස්කෘතීන් අගය කරමින් සහ ඒවාට නිසි ගෞරවය ලබා දෙමින් සහජීවනයෙන් කටයුතු කිරීමේ යහපත් ආකල්ප අප කුඩා කල සිටම වර්ධනය කර ගත යුතුය. ජාතික කොඩිය, ජාතික ගීය සහ ජාතික සංකේත ආදී අපගේ අනන්යතාව කියාපාන ලක්ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රටේ අභිමානය සුරකින දේශයට ආදරය කරන පරිණත පුරවැසියෙක් බිහි කිරීමේ අරමුණින් මෙම තේමාව ඉදිරිපත් කර ඇත.
